Posts

Showing posts from January, 2012

ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්තූපයේ දුර්ලභ ඡයාරුප / Ruwanweli Maha Seya Stupa Information & Rare Images

Image
ස්වර්ණමාලි මහා ථුපය රුවන්වැලි සෑය , රත්නමාලි ස්තූපය , ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ   වඩාත්ම ගෞරවයට පත්   වූ ස්තූපය වේ . එයට ප් ‍ රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ   ධාතු වලින්   දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි .  මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය . සතුරන්ගෙන් රට මුදාගත්   දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක් ‍ රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී .   මෙම ස්තුපයේ    දෝණයක්    සර්වඥ   ධාතු නිදන් කිරීම   නිසා ස්තූපය මහා ථුපය නමින් ප් ‍ රකට විය .    ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී .