වෙල්ගම් රජමහා විහාරය

නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩ වූ 

වෙල්ගම් රජමහා විහාරය 

Velgam Vehera, Kanniya,Trincomalee District, Sri Lanka  

වෙල්ගම් රජමහා විහාරයේ ඉපැරණි ශිලාමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ 
ඉපැරණි ප්‍රතිමා ගෘහය 





විහාර සංකීර්ණයට පිවිසීමට ඇති ද්වාර මණ්ඩපයක්
ස්තූපය 

වෙල්ගම විහාර සංකීර්ණය   
විහාර සංකීර්ණයට පිවිසීමට ඇති ද්වාර මණ්ඩපයක් 
වෙල්ගම් රජ මහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන   
වෙල්ගම් රජමහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන   


වෙල්ගම් රජමහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන 
ඡායාරූප: ඩබ්ලිව්. ඒ. පද්මින් සමීර  
අනුරාධපුර යුගයේ මුල්ම බෞද්ධ නරපතියා වූ දේවානම්පිය තිස්ස රජතුමා විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කර මෙම විහාරය ඉදිකළ බව වංශකතා වල දැක්වේ.
ඉන්පසු 1 වන භාතිය, 2 වන අග්බෝ, 1 වන විජයබාහු, 1 වන පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් මෙම විහාරය වැඩි දියුණු කර ඇති බව සෙල් ලිපි මගින් හෙළිවේ.
10 වන සියවස අග භාගයේදී රජරට සොළී පාලනයට යටත්ව පැවති යුගයේ සොළීන් විසින් බෞද්ධ වෙහෙර විහාර විනාශ කරනු ලැබුවද, වෙල්ගම් වෙහෙර සොළීන් ආරක්ෂා කරණ ලදී. 
මීට හේතුව වෙල්ගම් වෙහෙර අසල සොළී බලකොටුවේ දෙමළ බෞද්ධයෝ සිටීමයි.
පොළොන්නරු යුගයේදී ද ලක්දිව ප්‍රකට විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබුණි.   
පොළොන්නරු රාජධානිය බිදවැටීමෙන්  රජරට ජනශුන්‍ය වූ අතර වෙල්ගම් විහාරය ආදී විහාර වනගත විය.
වර්තමානයේදී වෙල්ගම් රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත.     
වෙල්ගම් රජමහා විහාරය, කින්නියාව, ත්‍රිකුණාමලය 
දුරකථන : 026 3266151, 0713 145070       

Comments

Popular posts from this blog

ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්තූපයේ දුර්ලභ ඡයාරුප / Ruwanweli Maha Seya Stupa Information & Rare Images

DHAMMA SCHOOL MANAGEMENT SYSTEM 6.00